Friday, April 16, 2010

"ගැබිණි මව සම්පතකි.. මෙම අසුන ඇයට පිරිනමන්න" : ආසන කෝටා ක්‍රමය..

බස් පෝලිමේ මුලින් සිට 25 වෙනියට නැංගා කිව්වාම මටත් හිතුනෙ ඇයි හැබෑට බස් වල කෝටා එකක් දෙන්න බැරි.. පූජ්‍ය පක්ෂයට, ආබාධිතයන්ට වගේ ආසන වෙන් කරලා තියනවනෙ..ඉතින් සේවා වලටත් දෙන්න පුළුවන්නෙ ආසන 4ක් වගේ.. 6ක් උනත් කමක් නැහැ..


ඉංදියාවෙ බස් වල පිටිපස්සෙ දොරෙන් නැංගාම වම් අත පැත්තෙ ඉස්සරහාම යුගල ආසන 5 ක් කාන්තාවන්ට වෙන් කරලා තියනවා.. කාන්තාවන් නැතිනම් හෝ අන්‍යොන්‍ය අවබෝදය මත එහි පිරිමින් ඉඳ ගන්නවා.. ඒත් ඕනෙම වෙලාවක කාන්තාවකට පිරිමියෙක් නැගිට්ටවලා ඉඳගන්න අයිතියක් තියනවා...
 
එතකොට ඕනෙම කොට්ටාසයකට අයිති කාන්තාවන් ඒ සීට් කීපය මැනේජ් කර ගන්න ඕනෙ..


ඉතින් ඒ වගේ පොලිසි හමුදා වැනි සේවා වල අයටත් කෝටා එකක් දුන්නා නම් හරි..

6 comments:

  1. යුද්දෙ දවස් වල නම් ආරක්ෂක අංශවල අය සේවා හැඳුනුම්පත පෙන්වුවාම ඒ අයට කොච්චර දිග පෝලිමක උනත් ඉන්නෙ නැතිව බස් වලට නඟින්න දුන්නා. (මම මේක දැක්කෙ නුවර-කොළඔ CTB වල, නුවරදි). දැනුත් ඒ ක්‍රමය තියෙනවද දන් නෑ.

    ReplyDelete
  2. බස් කරදරයක් නම් මේ අංකයට කතා කරන්න

    අවුරුදු නිවාඩුව අවසන් කර රාජකාරි කටයුතු සඳහා පැමිණෙන මඟී ජනතාවට පෞද්ගලික බස්රථවල දී යම් අපහසුතාවක් සිදුවුවහොත් දුරකථන අංක 2333222 ට හෝ 2595555 ට කතා කරන ලෙස මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙයි
    http://www.dinamina.lk/2010/04/17/_art.asp?fn=n10041716

    ReplyDelete
  3. හමුදාවෙ අයට නම් ඉස්සර තිබුනා. දැන් නම් දන්නේ නැහ.

    ReplyDelete
  4. Hamudawe ayata thamath denawa Nuwara/Colombo bus wala nam. Habai e aya ekkama nikan ewunuth polima panala bus ekata naga ganna ekai awula.

    ReplyDelete
  5. සර්විස් කියන එකේ තේරුමවත් දන්නැති එවුන් "සර්විස්" කියලා පෝලිමට පිටින් නගිනවනෙ.. සමහර වෙලාවට මම දැකලා තියනවා අතේ පච්ච කොටා ගත්ත සිරා ලත් "සර්විස්" කියාගෙන නගිනවා.. පෝලිමේ අය කෑගැහුවොත් කාර්ය මණ්ඩලය පැනලා සර්විස් දීලා ඒ අයව බේරගන්නවා..

    ReplyDelete
  6. බස් කතා බස් නියමයි ඈ . . .

    ReplyDelete

බස් මගීන් ගේ කතා..