අනුරාධ ගෙ ආරාධනා ව නිසා ආයෙත් බස් එක පාරට දාන්න හිතුනා...
මේ ළඟදි දවසක (ළඟදි කිව්වට ටිකක් කල්), මං වැඩට යන්න ගල්කිස්සෙන් බස් එකට නැංගා.. ඒක ඒසී එකක්.. ගල්කිස්ස කොල්ලුපිටිය ටිකට් එකේ මිල තීරනය කරන්නේ කොන්දොස්තර ඒ වෙලාවටයි.. ඒක 35 සිට 50 දක්වා වෙනස් වෙනවා..
ඔය අතරෙ අර කඩදාසි රෝල දාල තියන මැසිම කොන්දා ගෙන් කොන්දාට කස්ටමයිස් කරලයි තියෙන්නෙ.. මොකද ? සමහර එවයේ කොල්ලුපිටිය කියලා සෙක්ෂන් එකක් නැහැ.. වෙලාවකට හිතෙනවා ඔය මැෂිමෙ GPS (Geographical positioning system) එකකුත් තියනවාද කියලා.. මොකද සමහර ඒවයේ ගල්කිස්ස පහු කරලා සෑහෙන දුරක් යනකං රත්මලාන කියලා වැටෙනවා.. කියන්න බැහැනෙ condemn වෙන GPSඔය මැෂින් වලට හයි කරල, චන්ද්රිකා ආදාරයෙන් ඉන්න තැන තීරණය කරණවාද කියලා...
ඉතිං මගේම survey අධාරයෙන් මං හොයා ගත්ත දෙයක් තමයි හරි ගාන 40 කියන එක...
ඉතිං ඔන්න මම 50 කොලයක් දුන්නා.. සමහර වෙලාවට හොඳ බයිට් මූඩ් අහු වෙනවා.. ඒකට ටිකක් විතර තරහාව කළවම් උනාම ගානයි..එදා ඒ වගෙ දවසක්..
මං ඉතින් 50 කොලේ දීලා 10ක් ආපහු දෙනකං බලාන ඉන්නවා... අසුරු සැණකින් කොන්දාට මේක අමතක වෙනවා.. මං එයා දිහාම බලාගෙන ඉන්නවා.. ඔන්න ටික වෙලාවකින් දෙහිවල හංදිය පාස් කරද්දි මං හිමීට "ඉතුරු සල්ලි" කියලා කිව්වා...
දැන් ඔන්න කළුතර ඉඳන්ම පිලිවෙලට තියාගෙන ආව සල්ලි මිටිය නැවත ඇඟිලි දෙක අතරේ හුරතල් කරන්න පටන් ගත්තා.. වෙළඳ ඇමති තුමා තෙල් මිල බස්සන්න කල්පනා කරනවා වගෙ කල්පනා කරලා කරලා "පහක් දෙන්න" කියලා ගැහෙන හදවතකින් කිව්වා..
"හතළිහක් ගන්න මොකටද පහක්?" .
මං දිහා ප්රශ්නාර්තයකින් බැලුව කොන්දා මගෙන් ප්රශ්න අහන්න පටන් ගත්තා..
"බම්බලපිටියට ගාන කීයද?"
"දන්නෑ"
"එතකොට කොටුවට?"
"ඒත් දන්නෑ"
"දන්නෑ... හහ්" කොන්දා මිමිණුවා..
"දන්නෑ තමයි.. මං බස් කොන්දොස්තර කෙනෙක් නෙවෙයි නෙ" මං හරවා පහරක් එල්ල කළා..
ඔන්න කොන්දා කතා නැතුව 10ක් ම ආපහු දෙද්දිම වගේ මට බස් එක මැද හරියී සීට් එකක් හම්බුනා.. දැන් මං ඉඳගෙන.. ඊට පස්සෙ තමයි කතාව පටන ගන්නෙ..
බස් එක සෑහෙන්න හිස් නිසා කොන්දා අමුතු ප්රබෝදයකින් සුරුවම් බාමින් විටින් විට සින්දු කියනවා.. ඇස් කොනින් බලනවා.. මාර ගටක් අරගෙන..
ඔය මූඩ් එකෙන්ම කොල්ලුපිටි හන්දියට අව්වා කියමුකො.. කොන්දා ට නං ෆුල් ආතල්.. මං කෝකටත් කියලා 5හෙ කාසියක් අතට ගත්තා.. මං බහින්න එනකොටම කොන්දාගෙ පාදය ආචාර පෙළපාලියකදි වගේ ටිකක් ඉස්සුනා...(පොඩි කාලෙ වෙට්ටු දාන්න වගේ )
හ්ම්ම්.. මං නැවතුනා..
කොන්දාගෙයි මගෙයි නෙතට නෙත හමු වුනා.. මං ඉස්සර උනා..
"ආ.. මේක තියා ගන්න"
"ඇ..ඇයි මිස්"
"සෑහෙන්න මහන්සි උනානෙ"
"නෑ මිස්.. හතළිහ හරි"
"නෑ.. නෑ.. බස් ගස්තුව හැටියට නෙවෙයි.. පිනට දුන්න කියලා හිතාගෙනයි දෙන්නෙ.. ගන්න" කියන ගමන් මං කොන්දා අතේ කාසිය තිබ්බා..තියන ගමන් බස් එකන් බැස්සා..
බස් එකේ හිටිය කාන්තාවන්ට මේ සින්දුව හිස රදයක් වෙලයි තිබුනේ..මං හිතනවා ඔවුන් කොටුවට යනකං සැනසිල්ලෙ යන්න ඇති කියලා..
707 - දිඹුලාගල මතක සටහන් - 2
-
"දිඹුලාගල වතුර මල" කියලා ගූගල් සර්ච් කලාම ආවෙ මේක..එදා තිබ්බ වතුර මලම වැඩි
දියුණු කරලද නැත්තං අලුත්ම එකක්ද කියල හිතාගන්න නම් බෑ ළමයි....හරි ආයම
සුමනෙගෙ කතා...
20 hours ago
අනේ ඔයාල බස් මාමලටම බනින්න එපා
ReplyDeleteසමහරු හරි හොඳ අයත් ඉන්නවා
වෙලාවකට හිතෙනවා ඔය මැෂිමෙ GPS (Geographical positioning system) එකකුත් තියනවාද කියලා.. .. ///
ReplyDeleteඒක නම් ඇත්ත :D
හික් හික් ආයෙම නම් සින්දු කියන්න නැතිව ඇති.
ReplyDeleteඔය නගරාන්තර සුකොපබෝගී වල නම් උන් ගන්නේ හිතෙන හිතෙන ගනන් තමයි. මිනිස්සුත් ගාන දන්නෙ නැති නිසා කට වහන් ඉන්නවා.
මෙයාල හිතාන ඉන්නෙ ගාන දැනගෙන එන එක මිනිසුන්ගෙ වගකීම කියලා.. මොකද නැත්නම් මෙයාල දඩ ගහනවා..
ReplyDelete