බස් කතා බස් ඇරලා දවසක් දෙකක් උනාට පටන් ගන්න ඔලුව කහ කහ හිටියෙ... මගේ බස් නොම්මර ගැන දැනීම බිංදුවයි.. ලොකු කමක් නිසා නෙවේ.. නොසැලකිල්ල නිසා..මහ දවාලෙත් අහගෙන අහගෙන තමයි ගමනක් බිමනක් යන්නෙ..
අද මං කෝට්ටෙ යන්න උවමනාවකට කොටුවෙන් බස් එකකට නගින්න ගියා.. 190 ක් අලුත් කඩේ පැත්තට හැරිලා තප්පුලමින් හිටියා.. පොල් පැලෙන අව්ව.. බස් එක ලොකු හදිස්සියකින් වාගෙ හිටිය නිසා මම දෙපයට වාරු ගත්තා.. මම දුවන ගමන් කට හදලා "ඇතුල්කොට්ටෙ" කියලා කිව්වෙ කොන්දොස්තරට ලිප් රීඩින් පහසු වෙන්න... කොන්දා ඔහුට අවේනික විදියට මට වෙල්කම් කලා..
ඒ අතරෙ මට සමාන්තරව ඇවිදින අංකල් කෙනෙක් "ඕකට නගින්න එපා.. ඔය බස් එක යන්නෙ නැහැ.." කියලා මාව නවත්තන්න පොරේ.. මට උපදෙස් ගන්න වෙලාවක් උනේ නැහැ.. මම 190 නැගලා මට ඕනෙ තැනට ගියා..
මේක පුංචි දෙයක්.. ඒත් අර අංකල් මාව නැවැත්තුවේ ඇයි? මට මේක ප්‍රශ්නයක්......
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
-
රවීගේ නොසිතූ, නොකල්, අකල් සමු ගැනීමත් සමග වේදනාවටත් කම්පාවටත් පත් නිදහස්
සිතුවිලි සහෘදයින් (ඉයන් ඇතුලු) කිහිප දෙනෙකු ම රවීගේ ලිපියක් මසකට වරක් හෝ
නැවත පළ ක...
3 weeks ago
