"බස් කතා බස්" අඩවිය බස් අත්දැකීම් ගැනම කතා බහක් බව නමින්ම තේරෙනවනෙ.. හුඟක් විට ඊළඟ පෝස්ට් එක දාන්න කලින් හිට්ස් 1000 ඉක්මවාවි.. (සතියක් තුළ, මොකද හිට් කවුන්ටරයට වයස සතියයි ) .. ඉතින් මේ කතා බස් එකට ගොඩ වෙච්ච ඔයාලා හැමෝටම ස්තූතියි..
ඔයාල ගෙ ප්රතිචාර ඇත්තටම මාව දිරිමත් කළා.. සෑහෙන කාලයක් ලියන එක නවත්තලයි තිබුණෙ.. මොකද කියවලා "හොඳයි" කියනවා මිසක් විවේචකයෝ නැති නිසා..
ඔයාලා හැමෝගෙන්ම ලැබිච්ච මිත්රශීලී කමෙන්ට්ස් වලටත් මාත් එක්ක ගොඩ නගපු සංවාද වලටත් ස්තූතියි!!!
මට ලැබුණු රසවත් කමෙන්ට් එකක් තමයි.. "ඔයාට මානසික ලෙඩක් තියනවාද බස් අල්ලගෙන නටන්න" කියන එක...ඇනොනිමස් නිසා නමින් අමතන්න විදියක් නැහැ... ඒ කියමන මාව දිරිමත් කළා මොකටද දන්නවද?
තවත් තේමා ගත වෙච්චි අඩවියක් පටන් ගන්න...
706 - දිඹුලාගල මතක සටහන්...A Walk Down Memory Lane...
-
සුමනේ වමේ..සේපාල දකුණේ....පහුගිය බෘහස්පතින්දා මාතලේ මළගෙදරක ගියා..අපේ
ප්රියම්බිකා තොමෝගෙ ලොකුම ලොකු අම්මගෙ බාලම බාල පුතාගෙ භාර්යාවගෙ
අම්මා..අවුරුදු සීයකුත...
1 day ago
කවුන්ටරේ වැඩිකරන්න එච්චර දෙයක් යැ. පොඩ්ඩක් කවුන්ටරේ එකවුන්ට් එකට ගිහින් පටන්ගන්න අගය (start value) 1000 කරන්න.. හික්ස්..
ReplyDelete" ඔයාට මේ ආත්මේදීම බස් එකක් ලැබේවා " කියලා පතනවා.
ReplyDeleteනිතර කමෙන්ට් නොදැම්මට කියවලා රස වින්දා මේ ලිපි. තව බස් ගොඩක් එලවන්න ලැබේවා.
ReplyDeleteජය පතනවා ඔබට.
අනෙ ඇත්තමයි මම ප්රාර්ථනා කරනවා
ReplyDeleteඉක්මනටම මෙ රටෙත් කාන්තා බස් කොන්දොස්තරවරියන් බිහි වෙවා කියලා.
ඒ විතරක් මදි.. මෙ දැරිවිටත් ඒ තනතුරෙ දවස් දෙක තුනක්වත් සේවය කරන්න ලැඛෙවා කියලා...
නියමයි අක්කී.....හදවතින්ම සුභ පතනවා දුර චාරිකාවක් අපිව එක්කන් යන්න....අක්කි තමයි රියදුරු මහතා....අහ් වැරදුනා රියදුරු මහත්මිය.... එතකොට අපි තමයි සංචාරකයෝ.එහෙමත් නැතිනම් මගියෝ...
ReplyDeleteමේ පරිස්සමින් එක්කන් යන්න අපිව....
එහෙනම් ඔන්න මේ රිය පදවන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි...!!!
අදයි මේ පැත්තෙ ආවෙ... බස් ගැන කතා බස්..................
ReplyDeleteබලමු කියවලා
ඊලඟට දුම්රිය ගැන ලියන්න.....
ReplyDeleteමමත් කෙමති ලංකාවේ බස් කොන්දොස්තරවරියන් ඉන්නවනම්. එතකොට එයාලත් කොන්දොස්තර වරු වගේ අපේ එහෙන් මෙහෙන් අතපත ගාල අපිව නග්ගයි බස්ස ගයි. :D ෆන් ම තමිය්. ඔයා රෑට හීනෙනුත් බස් ගෙන කතා බස් කරනවා කියන්නේ ඇත්තද? කොහොම වුනත් ඔයාගේ බ්ලොග් එක ඒකාකාරී බ්ලොග් කලාවට විවිදත්වයක් එක කල බ්ලොග් එකක්. තව බස් ගෙන කතා බස් කරන්න දිගටම ලියන්න.
ReplyDeleteමානසික ලෙඩක් නෙමයි ලියන්න තියෙන අසාව මම කොන්දොස්තර කෙනෙක් හරිද පාර අයිනක හිටියොත් එහෙම නවත්තන්නේ නැතිව යනවා හරිද හික් http://www.sinhalasindiya.co.cc/ අපේ සින්ඩියට එන්න
ReplyDeleteඔයාලා හැම දෙනාටම ගොඩක් ස්තූතියි!!!
ReplyDeleteඇත්තටම ඇයි දන්නෙ නැහැ ලංකාවෙ ත්රීවීලර් රියදුරු වරියන් බිහි උනාට තාම බස් කොන්දොස්තරවරියන් බිහි උනේ නැත්තෙ.. හැබැයි බිහි වෙච්චි දාට අපිට හිතෙයිද දන්නෙ නැහැ නොවුනා නම් හොඳයි කියලා..
@පුරසඳ- මට මතක හැටියට බස් කොන්දොස්තරවරියන් හිටියා. කාලෙකට ඉහත පත්තරේකත් ඇය ගැන සටහනක් දාල තිබ්බා. ඒ බස් රියේ රියදුරු කම් කලේ ඒ කාන්තාවගේම සැමියා මට මතක විදිහට.
ReplyDeleteබස් ගැන කතා කිරීම නිසා පිස්සා සම්පූර්ණයෙන්ම අතීතයට ගියා.පිස්සා 6 වසරෙ ඉඳල ඉස්කෝලෙ ගියේ ලංගම බස් එකේ.නිකම් නෙමෙයි.සීසන් අරගෙන.සීසන් එක ගන්න ඉස්කෝලෙ ටීචර්ගෙන් හැම මාසයකම පාසල් හැඳුනුම්පත අත්සන් කරගන්න ඕනෙ.ඊට පස්සෙ ඩිපෝවට ගිහිල්ල පෝලිමේ ඉඳල සීසන් එක ගන්නෙ.බලන්න එපෑයැ ඩිපෝ මහත්තුරුන්ගෙ තියන උජාරුව.අපි වගේ පුංචි ඈයින්ට කොච්චර නම් රැස්පට් පෙන්නනවද?සීසන් එකට බස් එකේ යනව නම් බස් එක නවත්තන්නෙ නෑ.ඉතින් බස් එක පස්සෙන් දුවල දුවල ගිහින් එල්ලෙනව ෆුට් බෝඩ් එකේ.කොන්දොස්තර මහත්තුරුන්ගෙන් කුණු බැණුම්.බස් එක පස්සෙන් දුවල වැටිල අත පය ලෙලි ගියපු වාර අනන්තයි අප්රමාණයි.දුප්පත් අපට ප්රයිවට් බස්වල යන්න සල්ලි තිබුණෙ නෑ ඒ කාලෙ.2ට ඉස්කෝලෙ ඇරුණහම බස් එකක් එනකම් අයියයි මමයි පැය ගණන් බස් ස්ටෑන්ඩ් එකේ තපිනව.ගෙදර යනකොට අව්වට හොඳටම ඔළුව කරවෙලා හිස කැක්කුම හැදිල.ඒ කාලෙ හැමදාම උදේට මට මුස්පේන්තු විදිහට බණින ඩ්රයිවර් කෙනෙක් හිටිය.මිනිහ පහු කාලෙක ළමයෙක් හප්පල හිරේ ගිය.සීසන් ගන්න ගියාම ඩිපෝවෙදි නක්කල් දාපු මහත්තයෙක් බුලත් විටක් හිරවෙලා අඩු වයසෙන් මළා.ඒ කතා දෙක ඇතුළු තවත් කතා බොහොමයක් තියෙනව.ඒව හිමින් සැරේ බස් කතාබස් වලට ලියල එවන්නම්.පුර සඳ අක්කාට සුබපැතුම්.
ReplyDeleteමේ වගට,
පිස්සා
@ පිස්සා.. ඉහත කමෙන්ට් එක ඔබේ පොස්ට් එකක් හැටියට දැමීමට පෙර ඇසිය යුතුව තිබුණා.. ඒ ගැන සමා වන්න.. ඔබේ බ්ලොග් එකට ලින්ක් කළේ එහි කතෘත්වය ඔබට දෙන ක්රමයක් හැටියටයි... ඔන්න මම පෝස්ට් එක ඉවත් කළා.. එය කමෙන්ට් එකක් හැටියටම පබ්ලිශ් කලා..
ReplyDeleteපුරසඳ අක්කේ,මගේ කමෙන්ට්ස් ඕනැම වෙලාවක පෝස්ට් එකක් හැටියට දැම්මට කමක් නැහැ.මම ඒ පෝස්ට් එක දැක්කා.පිංතූර ටික ලස්සනයි.අපරාදෙ මකල දැම්මෙ.සුබ ගමන් අක්කේ.
ReplyDeleteමේ වගට,
පිස්සා
ඔයාට බස් එකක්වත් තියෙනවද මෙච්චරටම බස් කතා බස් ලියන්නේ .....!! :)
ReplyDeleteබස් ගැන මුකුත් දැන ගන්න ඕනා නම් කියන්නකෝ බලන්න එහෙනම් .....!! :D