Friday, April 16, 2010

බස් පෝළිමේ වර්ධනය..

මැතිවරණයට පිංසිද්ද වෙන්න ලැබුණ දිගම දිග අවුරුදු නිවාඩුව ඔන්න අද ඉඳලා ඉවර වෙන්න පටන් ගන්නවා.. නුවර ඉන්ටසිටි බස් පෝලිම ගැන ඉතිං හිතා ගන්න පුළුවන්නෙ? හිස තෙල් ගාලා නාල කාල කට්ටිය දවල් එක වෙද්දි පෝලිමට එක් වෙන්න පටන් ගත්තා.. අපි යනකොටත් බස් දෙකකට විතර සෙනග.. මං අද දැකපු දෙයක් තමයි හෙට අනිද්දා සෙනග වැඩිවෙයි කියලා හිතන වයසක අය, බබාලා වඩා ගත්ත අය, බබාලා හම්බ වෙන්න ඉන්න අය අද හුඟක් පෝලිමේ හිටියා..
කොහොම හරි පැය බාගයක් විතර යනකොට පෝලිමේ මුල පස් දෙනා අතරට ආවා කියමුකෝ.... ඒ අතරෙ යන්න සූදානම් වෙච්චි බස් එක ජම්පින් සීට් වලට ලාහෙට ගෙම්බො ඇහිඳිනවා..


ඒ අතරෙ ඔයාලම මේක ටිකක් හිතලා බලන්න... පෝලිමකට අලුතෙන් එක් වෙන කෙනා  කොහාටද එකතු වෙන්නෙ කියලා... ලෝක සම්මතය පෝලිමේ අගටනෙ... මෙතන ඊට වැඩියෙ වෙනස් ක්‍රමයක් හොයාගෙන.. අර ලාහෙට ගෙම්බො හොටන බස් එකට ඉස්සෙල්ලාම මේ දැන් ආව කෙනා නගිනවා...
ඊට පස්සෙ ඒක ඇතුලෙ ටිකක් කැරකි කැරකි ඉඳලා බහිනවා..කාලාන්තරයක් පෝලිමේ හිටපු බස් අයිති කාරයෙක් වගේ ඊට පස්සෙ මුළටම ඉන්න කෙනාටත් ඉදිරියෙන් පෝලිමට එකතු වෙනවා.. අර මං මුලින් කිව්ව අමාරුවෙන් ඉන්න කොට්ටාසෙ අය ආයෙත් රැල්ල ගහනවා වගේ පස්සට යනවා..හැබැයි ඔය පෝලිං පනින ගොඩක් අය කකුල් දෙකටම කලිසන් ඇඳ ගත්ත.. අවුරුදු 35-45 අතර පිරිමි..
අද වගේ දවසක ඒකෙ සාදාරණත්වය ටිකක් හිතලා බලන්න...


ඔය අතරෙ අවුරුදු 80ක විතර රෝගියෙක් එක්ක ඒ රෝගියාගෙ දුවයි, බෑණයි මිනිබිරියි මයෙ හිතේ.. බස් පෝලිමට එද්දිම කාගෙවත් අබමල් රේණුවක අහිතක් නැතුව එයාලට ඊළඟ බස් එකට ගොඩ වෙන්න අවස්තාව ලැබුණා.. ඔය අතරෙ ඊළඟ බස් එක එන අල්ල පනල්ලෙ එයාලගෙ පවුලෙ කෙනෙක් විදියට රඟපාමින් හැඩි දැඩි පිරිමියෙකුත් බස් එකට නැංගා.. ඔන්න ඉතිං රටට ගිය කල..

ඉතිං අර පස් වෙනියට හිටිය මං බස් එකට නැංගෙ 15 වෙනියට විතර..

13 comments:

  1. හික්ස්...
    මම හොඳට දැකලා තියෙන දෙයක් තමයි නුවර-කොළඔ ඉන්ටසිටි පෝලිම සමහර වෙලාවට නුවර-කොළඔ සාමාන්‍ය බස් වල පෝලිමට වඩා දිග බව... මම නම් ඒක දිහා බලාගෙන වෙන බස් එකකට නඟිනවා මොකද මම යන්නෙ නුවරට නොවෙන නිසා..
    ලංකාවෙ බස් ගැන කතා කලොත් පිරිමි තමයි වැඩියම සීට් අල්ලන්න පොරකන්නෙ..ඒ වගේම ගෑණු පිරිමි දෙගොල්ලන්ටම බස් වල යන්න උගන්වන්න ඕන..සමහර මිනිස්සු බස්වල කොන්දොස්තර වගේ සීට් වලට හේත්තු වෙලා හිටගෙන යනවා. වාඩිවෙලා ඉන්න කෙනාට වාඩිවෙලා යන්න බැරිවෙන විදියට. (කොන්දොස්තර සීට් වලට හේත්තු වෙන්නෙ ටිකට් ලියන්න, සල්ලි ගන්න වගේ දේවල් වලටනෙ)

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වෙවා.......

    ජයෙන් ජය....

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වෙවා.......

    ජයෙන් ජය....

    ReplyDelete
  4. @Roshan (කොන්දොස්තර සීට් වලට හේත්තු වෙන්නෙ ටිකට් ලියන්න, සල්ලි ගන්න වගේ දේවල් වලටනෙ)
    අනිත් මිනිස්සු හේත්තු වෙන්නෙ ආතල් ගන්න.. හිකිස්...

    ReplyDelete
  5. මම කීප දවසක් පෝලිමේ මුලින්ම ඉඳලත් 25වෙනියට විතර බස් එකට නැග්ගා. හේතුව.. හමුදා/පොලිස් සේවා අයට ලබාදෙන විශේෂ සැලකිල්ල.

    හමුදාවෙ වෙච්ච පලියට කොළඹ, රත්මලානෙ හෙඩ්ක්වාටර්ස් වල ඔෆිස් වල වැඩ කරන අයට මොන එහෙකට බස් එකේ පෝලිං පනින්න අවසර දෙනවද කියලා දෙයියො තමයි දන්නෙ. අනික එහෙම දෙනවනං සීමාවක් තියෙන්න ඕනෙ. නියමිත සීට් ගණනක් විතරක් එහෙම අයට දෙන්න. අපි උදේ 3ට නැගිටගෙන ඇවිත් පෝලිමේ ඉන්නකොට උන් අන්තිම වෙලාවෙ ඇවිත් මල්පහට බස් එකට නගිනවා.

    මේක ඉතිං ලංකාවනෙ. කරන්න දෙයක් නෑ, ඉවසා වදාරන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
  6. මේ බ්ලොග් එක බස් වලට ගහන්නම හදපු එකක්ද මන්දා..... :P හික්ස්.... :D

    ReplyDelete
  7. ඉන්දරේ;
    මම ජීවිතේට රත්මලානෙ ගිහින් නෑ. ඒ නිසා ඔය සීන් එක නං දන්නෙ නෑ. ඒත් ඉතිං රත්නපුර පාරේ කෑම්ප් තුනක්ම අහුවෙනවා කොළඹ ඉඳං රත්නපුරේට එනකොට. ඔහොම සීන් නං වෙන්නෙ නෑ. ආබාධිත සෙබළෙකුට සීට් එකක් දෙනවා මිසක්. රත්මලානෙ උනත් ආබාධිතයෙකුට නං කලින් නඟින්න දුන්නට කමක් නෑ. ඔයත් ඒ තත්වෙන් හිතල බලන්න. අනික මේ ලංකාවෙ පාට කණ්නාඩි දාගෙන බලන එක නං දැන්වත් නවත්තන්න ඕන. ඔයාගෙ කතාවෙන්ම තේරෙනවා මොන පාට කණ්නාඩියක් දාගෙනද කතා කරන්නෙ කියලා. ප්‍රශ්නයක් නෑ. භාෂණයේ නිදහස තියනවා; කතාකරන්න.
    /සඳරුවන් රත්නායක

    ReplyDelete
  8. @ සඳරුවන් රත්නායක
    ආබිධිත නම් සෙබලෙක් නෙමෙයි සිවිල් පුද්ගලයෙක් උනත්, හැකියාවක් තියෙනවනම් ආසනය පිරිනමන්න මම මැලිවෙන්නෙ නෑ.
    මම බසයට නගින්නේ ගාල්ලෙන්. මෙතන ඔය විදියට පෝලිමේ ඉන්නේ නැතිව විශේෂ වරප්‍රසාද අරන් බස් වලට නගින්නේ ආබාධිත සෙබලුන් නෙමෙයි. දැනට සේවයේ ඉන්න නැඩ මිනිස්සු. ඔවුන්ට විශේෂයක් කරන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ කියලයි මම හිතන්නේ. ආබාධිත බවක් නං පේන්න නෑ අපිවත් දරුණු විදියට තල්ලු කරලා එහා මෙහා වීසි කරලා බස් එකට නගින්න පොරකනකොට.

    මේ.. ඒක නෙමේ, මමත් දන්නෑ මම මොන පාට කණ්නාඩියක් දාගෙනද කතා කරන්නෙ කියලා. මට පොඩ්ඩක් ඒ පාට කියලා දෙන්න බැරිද?

    ReplyDelete
  9. 30 අවුරුදු යුද්ද්යක් ඉවර කරපු රටේ හමුදාවෙ අයට වරප්‍රසාදයක් දුන්නට කමක් නැහැ.. ඒත් සීට් 50ක් තියන බස් එකේ 25ක් නෙවෙයි.. "සර්විස්" කියන්නෙ බස් පෝලිම් පනින්න තියන පාස් වර්ඩ් එකක් වෙන එකයි වැරැද්ද.. පෝලිම් හසුරවන අය Service Identity card එක check කරන්නෙ නැහැ නෙ... සද්දන්ත පිරිමි බලහත්කාරයෙන් පෝලිම් පනිද්දි මොන අයිඩින්ටි ද? ඒක හමුදාවට කරන නිග්‍රහයක්...

    ReplyDelete
  10. @ඉන්දරේ:
    එකක් කොළ පාට, අනික රතු පාට
    /සඳරුවන්

    ReplyDelete
  11. හමුදාවෙ අයට නම් දුන්නත් කමක් නැහ කියමු. අර කිව්ව වගේ එක පාරට කොහෙන්වත් ආපු මිනිස්සුත් ඉස්සරහට වෙලා ඉදල නගිනවනේ.

    ඕවලට අපේ මිනිස්සු එකතු වෙලා කතා කරනවනම් හරි. අපේ මිනිස්සු එකමුතු නැහනේ.

    ReplyDelete
  12. @ /සඳරුවන්
    පාට හඳුන්වාදීම ගැන ස්තූතියි. කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ උපකල්පනය නම් වැරදි බව. සමාජයීය ප්‍රශ්නයක් ගැන විවේචනයක් ඉදිරිපත් කරපු ගමන් ඒක දේශපාලනීකරණය කරලා බලන එක නම් එච්චර හොඳ නෑ. හරි කමක් නෑ, අපි ඒක ටිකකට පැත්තකින් කියමු.

    දැන් ඔබ කලින් කියපුදේට මම පිලිතුරු දීලා ඇති. ඒ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි.

    ReplyDelete
  13. මේවා අපි අපිම කතා කරන්න ඕනෙ දෙවල්... ඔබේ සංවාද වාද විවාද ලියන්න... මම පබ්ලිෂ් කරන්නම්.. කිසිම අහිතක් නැහැ...

    ReplyDelete

බස් මගීන් ගේ කතා..