ඉන්දියාවෙ රජයෙන් දීපු ස්ටුඩන්ට් වීසා එකට පිංසිද්ද වෙන්න මං වැඩියෙන්ම එන්ජෝයි කරපු දේ තමයි ට්‍රැවලින්.. ඒ ආසාවට පිංසිද්ද වෙන්න මට හත් වතාවක් බුද්ධගයාව වඳින්න වාසනාව ලැබුණා..
ඉතිං මේ කියන බස් ජාතිය මං දැක්කෙ බිහාර් ප්‍රාන්තයෙ.. උත්තර ප්රදේශයෙත් තිබුණා...ඔය පිංතූරෙ තියෙන්නෙ හිංදි චිත්‍රපටියක දර්ශන තලයක් එහෙම නෙවෙයි..
ඔන්න ඔය වගේ වාහන සංචාරක වාහනයක යද්දි මං දැක්කෙ මෙහෙමයි.. මේ පිංතූර මම බාගත කළ ඒවා..
මේ බස් වල ටැරිෆ් එක.. එහෙම නැත්නම් ටිකට් මිල අපේ බස් වලට වැඩියෙ වෙනස්..
මේ බස් වල ඇතුලේ ඉඳගෙන යන්න රුපියල් 6යි.. ඇතුලේ හිටගෙන යන්න රු.4යි. වහල උඩ ඉඳගෙන යන්න රු.2යි.
වහල උඩ ගමනාන්තය වෙද්දි වෙනම සමාජයක් ගොඩ නැගිලා.. යාලුවෝ ඇති වෙලා..සමහර වෙලාවට හිර ගනු දෙනු පවා තීන්දු වෙලා..
මට මේක අත්දකින්න බැරි වුන එක ගැන මම අදටත් දුක් වෙනවා..
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
-
රවීගේ නොසිතූ, නොකල්, අකල් සමු ගැනීමත් සමග වේදනාවටත් කම්පාවටත් පත් නිදහස්
සිතුවිලි සහෘදයින් (ඉයන් ඇතුලු) කිහිප දෙනෙකු ම රවීගේ ලිපියක් මසකට වරක් හෝ
නැවත පළ ක...
3 weeks ago



මේ මිනිස්සු වහලෙ උඩ ඉඳ ගෙන, අත් 2ත් බැඳගෙන ෆුල් සොමියෙ යන්නෙ. එහෙ බස් හය්යෙන් බ්රේක් එහෙම ගහන්නෙ නැත්ද ?
ReplyDeleteහත්තිලව්වයි. අපි ලංකාවෙ බස් වලට බනින්නෙ ඇයි අප්පා....
ReplyDeleteපළවෙනි පිංතූරෙට තමයි මං වැඩියෙන්ම ආස. හැබැයි එකක් ළඟින් යන කොට ළඟපාත එහෙම ඉන්න නං පොඩ්ඩක්වත් ආස නෑ හොඳේ
ReplyDeleteඅපේ රටෙත් හිටගෙන යන අයට අඩු ගාස්තු ක්‍රමයක් හැදුවොත් හොඳයි නේද ......
ReplyDeleteබුදු අම්මේ. ඔයා වහල උඩ නොගිය එක හොදයි. අපේ අය්යල වගේ බ්රේක් එහෙම ගහනව නම් ඉවරයි.
ReplyDeleteහැබයි මමත් ලංකාවෙදි වහල උඩ නෙමේයි හැබය් අර පිටි පස්සෙ තියෙන ඉනිමගේ නම් ගිහින් තියෙනවා.
බුදු අම්මේ. ඔයා වහල උඩ නොගිය එක හොදයි. අපේ අය්යල වගේ බ්රේක් එහෙම ගහනව නම් ඉවරයි.
ReplyDeleteහැබයි මමත් ලංකාවෙදි වහල උඩ නෙමේයි හැබය් අර පිටි පස්සෙ තියෙන ඉනිමගේ නම් ගිහින් තියෙනවා.
තාමනං සොමියෙ ගිහිං වැටිච්ච කතාවක් ආරංචි නැහැ.. ටිකක් බලන්න තුන්වෙනි පිංතූරෙ දොරේ එල්ලිලා යන කෙනාගෙ කුර්තාව හුළඟෙ යන විදිය, අවට බෝඩ් පහුවෙන වේගෙ... ඉතින් හිතාගන්න වේගෙ.. ඒ අතරෙ ඉස්සරහා දොරට උඩින් සොමියෙ ඉඳන් යන අංකල් බලන්න..
ReplyDeleteබ්රේක් ගහනවා හිටු කියලා...කවදාකවත් මං අහලා නැහැ විසි වෙලා වැටුනා කියලා... හැබැයි රජෝ අර අංකල් හැරෙන්න අනිත් හැමෝම පශ්චාත් භාගය හුඩ් රැක් එකේ හිර වෙන්න පැක් කරලා තියෙන්නෙ...
අනෙ අප්පා මටත් හිතුනෙ
ReplyDelete"ඇයි අපි ලංකාවේ බස් වලට බනින්නේ" කියලා
මට ටිකක් බයයිත් වගේ.. මේක ප්‍රසිද්ද වෙලා.. අපෙත් වහලෙ උඅඩ ලෑලි බංකු දායිද කියලා.. (අපේ අය බිම ඉඳගන්න කැමති වෙන එකක් නැහැනෙ )
ReplyDeleteවහල උඩ ගමනාන්තය වෙද්දි වෙනම සමාජයක් ගොඩ නැගිලා.. යාලුවෝ ඇති වෙලා..සමහර වෙලාවට හිර ගනු දෙනු පවා තීන්දු වෙලා..
ReplyDeleteඑහෙම වුනානම් අද පුරහඳ සිංහලෙන් බ්ලොග් ලියන්නෙ නෑ....
සැහ්.. මේ බස් වල වහලවල් කොච්චර හයිය ඇද්ද නේද :D
ReplyDeleteඔන්න ලංකාවේ බස් වලට බනින කට්ටියට හොද පාඩමක්.... :) අර වහලේ උඩ සෙනග නග්ගවන වැඩේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න ඕනා මමත්..... :) හික්ස්.... :P
ReplyDelete