Tuesday, April 13, 2010

නගරාන්තර බස් වල ආලෝක පරිපාලනය...

මේක හරි අපූරු සංවිධානාත්මක වැඩක්.. හරියට කේමදාස මාස්ටර් ගෙ ඔපෙරාවක වගේ.. මං මේක නිරීක්ශණය කළේ ගාලු පාරෙ දුවන බස් වල.. අපිට අංග දෙකකින් සලකා බලන්න පුළුවන්.. එකක් ස්වභාවික හිරු එළිය කළමණාකරණය අනිත් එක රාත්‍රියට ලයිට් එළිය කළමණාකරණය..
පළමු එක සිම්පල්.. හිරු එලිය වලක්වන්න වගේම උදේට වැඩට හරි පංති හරි යන නංගිලා මල්ලිලා සඳහා අහු මුළු සපයා දෙන්න තමයි ඔච්චර වියදම් කරලා තිර රෙදි දාලා දීල තියෙන්නෙ. ඊට අමතරව උපන් දා සිට දිය නොදුටු මේ තිර රෙදි, අසළ හිඳ ගන්නා මගීන් නිතැතින්ම ගමනාන්තය දක්වා කිසිම කරදරයක් නොකර නිද්‍රාවට පත් වීම අනිත් අරමුණයි..
ඔය අතරෙ හිමීට ඒසී එක අඩු කරළා ෆෑන් එක විතරක් දාලා ලංකාවෙ බලශක්තිය ඉතිරි කරන වැඩ පිළිවෙලේ කොටස් කරුවන් වෙන්නත් මේ නොසේදූ තිර රෙදි උදව් වෙනවා.

හොඳයි... දෙවෙනි ක්‍රමය.. රාත්‍රී කාළයේදී ආලෝක කළමණාකරණය.. මෙම කටයුත්තෙහි නිපුණ ශිල්පීන් අතින්මයි ටිකට් නැතුව ගමන් ගාස්තු එකතු කිරීම වගේ කටයුතු සිද්ද වෙන්නෙත්..බස් එක ජපානෙන් එද්දි තිබ්බ ලයිට් වෙනුවට මල්වත්ත පාරෙන් ගත් ස්පොට් ලයිට් මේ කර්තව්ය සඳහා යොදා ගන්නවා..
සරච්චන්ද්‍ර මහත්තයගෙ මනමේ එකේ වගේ කතා නායක නායිකාවන් වෙත තමයි මේ ස්පොට් ලයිට් එල්ල කරලා දවාලෙන්ම ෆික්ස් කරලා තියෙන්නෙ.. ඉතින් ඒ ඒ මුළු වලට ස්ථාන ගත වෙන කුරුළු ජෝඩු වලට පොඩි සයිකොලොජිකල් අල්ලසක් දෙනවා.. ඔවුනට එකිනෙකා පෙනෙද්දි ඔවුන් දකිනවා අවට ලෝකය ඔවුනට නොපෙනෙන බව... මේ තත්ත්වය ඔවුන් වාසි ලෙසට හරවලා අවට ලෝකයට ඔවුන් නොපෙනෙන බව හිතේ දාරණය කර ගන්නවා..

ඔන්න නාට්‍යය පටන් ගන්නවා..
ටාසන් බප්පා පසුබිම් සංගීතය දෙනවා.. මේ අතරේ කොන්දොස්තර මල්ලි රුපියල් 5 ක් ඉතුරු දෙන්නෙත් රුපියල ගානෙ පස් සැරේකට.. පස් වතාවෙම පස්ස ආසන වෙත යද්දි අර දවාලෙ එජස්ට් කරපු ස්පොට් ලයිට් ගැන සැලකිළිමත්...

ගමේ ටීටර් කාලෙ ඉස්සරහා සීට් එක අල්ල ගන්න පොර කනවා වගේ කුරුළු ජෝඩු ඉන්න පැත්තෙ සීට් අල්ලන් හිටගෙන යන්න ඕන තරම් සෙනග.. ඒ අය තමන් ළඟ හිස් වෙන ආසන බලෙන්ම කාන්තා පක්ෂයට ලබා දෙනවා..
ඉතිං ඕකයි තත්වෙ.. ඔයාලා ටිකක් අධ්‍යනය කරලා බලන්න බොරුද කියලා.. මේක මං දැක්ක ඇත්තම ඇත්තක්...

මගට බැස්සහම අපි දිහා කී දෙනෙක් නං බලාන ඉන්නවද? කීදෙනෙක් හිතා මතා ම අපේ වීක් පොයින්ට් ලෝඅකෙට පෙනෙන්න සලස්සනවද? අනේ අනිච්චං....

11 comments:

  1. තිර රෙදි ගැන නම් කියල වැඩක් නැහ.

    අනික ඔය වාලු සමීකරන කියන එව්ව වැඩ කරන්නේ නැද්ද මන්ද... මම හිතන්නේ ඒක නොදා ගිහින් ඉතිරි වෙන මුදල අයිතිකාරයට නොදී බෙදා ගන්නව ඇති.

    අහු මුලු ගැන නම් ඉතින් ඔන්න අපි දන්නෙ නැහැලු.

    ReplyDelete
  2. ඔව් ඔව් ඔබ හරි

    සහෝදරී. මේ comment කරනකොට එන word verification නම් හරිම වදයක්. ඒක අයින් කරන බැරිද ?

    ReplyDelete
  3. බලං ගියාම ලංකාවේ නිදහසේ ලව් කරන්නත් තැනක් නැහැ නේද?

    ReplyDelete
  4. අපි නම් ඕවයෙ යන්නෙ නෑනෙ. මම එකම දවසක් මාතර ඉඳලා කොළඹ ගියා A/C එකක. පැය 5යි. නොදකින් ආයෙ ගියේ නෑ. ඊට ලේසියි කොච්චියක් කියන වෙලාවක් ඇල්ලුවා. ජනේලයක් අයින අල්ල ගත්තා. හොඳට නිදා ගත්තා. පැය 2 1/2නි ගමනාන්තයේ. අනිත් එක අතපය දිග ඇරල ඉන්න පුළුවනි. ඉස්සරහ සීට් එකේ කකුල වදින්නෙ එහෙම නෑ. A/C එකට වඩා සැප පහසුයි ගමන.

    ReplyDelete
  5. බස් එකක තිර රෙදි දමන්නෙ තාප පරිවාරක විදිහට........එතකොට ඉබේම එලියෙ රස්නෙ ඇතුලට එන්නෙ නෑ.........බස් වල පිරිමි අය ගෑනු කෙනෙක් එනකල් බලන් ඉන්නවා......ඕව හරි සොබාවික දේවල්........ගෑනු අයත් මේව්වට බය .....එයාලගෙ සදාචාරයක් නිසා නෙමෙ.....ඔයාල වගෙ බ්ලොග් කාරයෙක් දැක්කොත්......කේස් නිසා

    ReplyDelete
  6. ඈත්ත . මාත් මාතර ඉදන් කොළඹ එන්න භාවිතා කරන්නෙ කෝච්චිය තමයි.

    ReplyDelete
  7. මං හිතන්නෙ පුරුද්දටම සමහර මැදි වයසෙ පිරිමි කරන වැඩක් තියනවා.. හහ්.. ඒක කියන්නෙ කොහොමද..? ආ... හරි... මෙහෙමයි..දැන් ඔයාලා අත් දෙක බඳ හරහා බැඳ ගන්න... ඊට පස්සෙ ඇඟිලි පියාපත් ලෙසට වැඩ කරවමින් (පොඩි කාලෙ වගේ) පියාඹන්න ට්‍රෙයි කරන්න.. ඔන්න ඔය ක්‍රමයට කරන ක්‍රියාකාරකමක් මේක..
    ඉන්ටසිටි බස් එකක ඉඳගත්තට පස්සෙ සමහර පිරිමින්ට නින්ද යනවා.. ඊට පස්සෙ හීනෙන් වගේ ඉහත ක්‍රියාකාරකමේ යෙදෙනවා..(ළඟ කාන්තාවක් ඉන්නවානම්) .. කාන්තාව සාරියක් ඇඳගෙන නම් ඉන්නෙ මේක ඉතාමත් රසවත් අයුරින් කරනවා... කාන්තාවට නින්ද ගියොත් දෙය්යන්නෙ පිහිටයි..

    ReplyDelete
  8. ඔන්න මං word verification අයින් කලා..

    ReplyDelete
  9. ඔය වගේ දෙයක් මෙහේ උනා නම් කෙලින්ම අහනවා "What the F..k are you doing?" කියලා.

    ReplyDelete
  10. මාත් ඔය බස් වල මුලදි ගියා.. දැන් නම් යන්නෙ නැහැ... ඔක්කාරෙට එනවා.

    ReplyDelete
  11. ඒ ඔක්කාර ගතිය එන්නෙ.. ටිකක් කූල් වෙනකන් ඉඳලා ෂේප් එකේ ඒසී එක ඕෆ් කරන නිසා.. මොකද ආසන ගානට වඩා කොහොමත් පටවනවනෙ... තියන ඔක්සිජන් ප්‍රමාණය මදි ඔක්කොටම..

    ReplyDelete

බස් මගීන් ගේ කතා..