මේක මං අහපු කතාවක්.. අපේ අංකල් කෙනෙක් නුවර-කටුගස්තොට ප්‍රදාන පාරෙන් හැරිලා මාවිල්මඩ කියන පළාතට මෝටර් බයිසිකලේක නැගලා යද්දි වෙච්ච වැඩක්..
ඕක අතුරු පාරක් නිසා ට්‍රැෆික් මාමලා එහෙමත් නැහැ.. ඉතිං මේ අංකල්ගෙ බයිසිකලේ ඉස්සරහට මාවිල්මඩ බස් එක ඇවිත් තියනවා අනපේක්ශිත විදියට.. අංකල් බයිසිකලේ කැපුව පාර කෙළින්ම කාණුවට තමයි ලෑන්ඩ් කරලා තියෙන්නෙ.. අංකල් ට සිහි නැති උනා ලු...
ඉතිං කවුරු හරි සත් ගුණවත් මහත්තයෙක් ඉස්පිරිතාලෙට ගිහින් දාලා...
දැං ඔන්න ගෙදර කට්ටිය තෙල් බෙහෙත් පවා කරලා සනීප කරගෙන රස්සාවට යන්න පටන් ගත්තයි කියමුකො.. ඔය, සිද්දියෙන් මාස 3 කට විතර පස්සෙ.. දවසක් ගෙදර එද්දි සිතාසියක් ඇවිත්. හෙතුව කියන තැන "හිවැනැ" කියලා තියනවලු... පස්සෙ හොයලා බැලින්නං "හිස් වැසුම් නැතිව පැදවීම" කියන එක තමයි ඒ තිබිලා තියෙන්නෙ...
වෙලා තියෙන්නෙ මේකයි... අනතුර වෙච්චි තැනට ඉස්සෙල්ලාම ළඟා වෙලා තියෙන්නෙ ට්‍රැෆික් පොලිස් මහත්තයෙක්.. ඒ වෙද්දි කවුදෝ හෙල්මට් එක ගලවලා ප්‍රථමාදාර දීලා.. මුළින්ම දුටු දර්ශනයේදි හිස් වැසුම නැතිව දැක්ක නිසා, නඩුවක් නොදමාත් හොඳ නැති නිසා.. "හිවැනැ" කියලා නඩුවක් දාලා..
මං හිතන්නෙ අංකල් දවස් කීපයක්ම උසාවි බඩ ගෑවා මේ අවුල ලිහා ගන්න.. නිකම්ම නෙවෙයි ක්‍රචර්ස් ආධාරයෙන්..
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
-
රවීගේ නොසිතූ, නොකල්, අකල් සමු ගැනීමත් සමග වේදනාවටත් කම්පාවටත් පත් නිදහස්
සිතුවිලි සහෘදයින් (ඉයන් ඇතුලු) කිහිප දෙනෙකු ම රවීගේ ලිපියක් මසකට වරක් හෝ
නැවත පළ ක...
2 months ago


අපොයි අප්පේ! මදැයි ඔයින් ගියා.....
ReplyDeleteඔහොම තමයි ට්‍රැෆික් පොලිස් මමාල මම හෙල්මට් එක් ඔළුවෙ දාගෙන අවිත් ට්‍රැෆික් පොලිස් නැවැත්තුවට පස්සෙ හෙල්මට් එක ගලෝල අතට ගත්ත (පොලීසියට තියෙන ගෞරවෙට ) ලයිසන් ඉන්ෂුරන්ස් චෙක් කලාට පස්සෙ මෙන්න හෙල්මට් එක දාගෙන ආවෙ අතේ කියල මට දඩ කොළයක් ලියපි.
ReplyDeleteමුංව යවන්න ඕනේ මඩකලපුව පැත්තට.. එෟ පැත්තේ එකෙක්වක් හෙල්මට් දාන්නෙත් නැහැ. නඩුත් නැහැ. ලංකාවේ නෙවෙයි වගේ... බල්ලට ගිය පොලිසිය
ReplyDeleteගහෙන් වැටුණු මිනිහට අනින ගොන්නු වගේනෙ පොලිස් කාරයෝ
ReplyDeleteමඩකලපුව අයිති ලංකාවට යැ? පිල්ලෙයාන්ට නෙ.
ReplyDeleteපුදුම පොලිස් කාරයෙක් නේ ඒ යකා.... පව් අර මනුස්සය
ReplyDelete