Wednesday, May 19, 2010

අපි කිව්වයැ කර ගන්න කියලා...





මේක අපූරු කතාවක් .. මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් ලංකාවෙ වෙයි කියලා..


අද මම කොල්ලුපිටියෙන් බස් එකට නැංගා.. ඔෆිස් ඇරෙන වෙලාවට ඉතිං බස් වල ආසවාදය කියන්න ඕනෙ නැහැනෙ.. ඔන්න මම හිටගෙන සීට් ඇඳි දෙකක අල්ල ගන්න තරම් දහිරිය උපදවා ගත්තා.. බම්බ කිට්ටු වෙද්දි මාස තුනක විතර දරු ගැබක් දරා ගත්ත අවුරුදු 25ක විතර ලස්සන දැරිවියක් බස් එකට නැංගා.. ටිකක් විතර වැස්සත් තිබුණා..
අර "ගැබිණි" සීට් එකේ මුමුණ මුමුණා හිටියා අවුරුදු 35 රේන්ජ් එකේ මහත්තුරු දෙන්නෙක්.. ඔයාලා දැකලා ඇති අර ආචාර පෙළපාලි වල හමුදා භට ඛණ්ඩ ජනාදිපති තුමා ළඟින් යද්දි එක පාරටම බෙල්ල කරකවලා එතුමා දිහාවට හැරෙන්නෙ..අන්න ඒ වගේ දෙන්නම එක සැරේ ජනෙල් වීදුරුව හරහා වැස්ස නරඹන්න පටන් ගත්තා.. මේක ඇය දැක්කා.. ඈට හිනාවක් ගියා...
 
ඒත් මට තේරුණා ඇය ටිකක් අපහසුවෙන් ඉන්න කෙනෙක් බව... ඒත් එක්කම සීට් දෙකක් විතර පස්සෙ කෙනෙක් බහින්න නැගිට්ටා.. ඒ සීට් එක ඈට අල්ල දෙන්න හිතාගෙන මං ටිකක් ඒ පැත්තට හැරුණා.. මං ළඟම හිටිය මැදි වියේ කාන්තාවක් මං ඉඳගන්නවා කියලා ඉස්සර උනා.. ඔය අතරෙ ඇය ගල්කිස්ස උසාවිය ළඟට ටිකට් ගත්තා..


කතාවේ වටිනම වාක්‍යය මට ඇහෙන්නෙ මේ අතරෙ.. මං ළඟ හිටියා කාන්තාවන් දෙදෙනෙක් වාඩි වෙලා.. අවුරුදු 30 ක සහ 40ක වගේ.. කතාවෙන් පෙනෙන්නෙ කුළුපග පුන්චි අම්ම කෙනෙක් එක්ක යන දුවෙක් වගේ.. පුන්චි අම්මා ඇගේ ඥාති දියණියට කණට කරලා කිව්වා "කර ගන්න කියලා අපි කිව්වයැ" කියල...
ඥාති දියණියගෙ උත්තරේ උනේ "අපෝ මමනම් බඳින්නෙ නැහැ" කියලා.. මට කියන්න හිතුනා "උඹ විතරක් නෙවෙයි උඹෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් උඹ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ කියලා"..


කොහොම හරි ගල්කිස්ස උසාවියට බස් හෝල්ට් එකක් කළින් අර ඥාති දියණිය කරුණාබර දෑසින් අර ගැබ්බර දැරිවි දිහා බලලා "ඔයා ප්‍රෙග්නන්ට් ද?" කියලා ඇහුවා.. නැගිට්ටා... සීට් එක දුන්නා..

"තෑන්ක් යූ.. මම උසාවිය ළඟ බහිනවා" ඇය කිව්වා..

"කමක් නැහැ ඉඳ ගන්න.. අපිත් ළඟ බහිනවා" ඥාති දියණිය නෙගෝෂියේට් කළා..

ඔවුන් තුන් දෙනාම බස් එකෙන් බැහැලා ගියා..

මට හිතෙනවා මම තාම බස් එකේ යනවද කියලා...

හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.................

13 comments:

  1. අම්මප මේ ගෑණු නම්... මුන් දඬු කඳේ ගහන්න එපැයි...... යක්සයෝ හිතක් පපුවක් නැද්ද මුන්ට .... මාලු නටනවා...... GRRRRR

    ReplyDelete
  2. කියන්න තියෙන්නෙ ඇත්තටම මෙච්චරයි " ඒකි විතරක් නෙවෙයි.. ඒකිගෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් ඒ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ" කියලා

    ReplyDelete
  3. ඔවාගේ එවුන් යන බස් එකකවත් යන්න හොද නැ උන්ගේ පව පලිසන් දෙනකොට අපිත් අනතුරේ (මාරක රිය අනතුරක්)වගේ ඔවාගේ එවුන්ට ඔහොම නොවි තියෙන්නෙත් නැ

    නරකද බස්වල පඩිය එන්න එන්නම උස වෙනවට පොස්ට් දැම්මොත් මගේ අච්චි ඉන්ටසිටි වල යන්නේ බස් වල පඩිය උසයි.සමහර බස් කාරයෝ වයසක කෙනෙක් දැක්කොත් නවත්තනේ නැ සමහර වෙලාව නැවැතුවත් එක කකුලක් උඩට ගන්නකොට අද්දනවා සමහර මිනිස්සු සිට් දෙන්නේ නැ වයසක අයට කොන්දොස්තර ඉස්සරහට යනවා ඩයිවර් වතුර බිබි එයාගේ ලෝකේ

    ReplyDelete
  4. මේක කියන්න අමකක උනා සමහර බස් වල ඇක්සිලන්ඩ් වෙන්නේ මොකද දන්නවද රේඩියෝ එක අහගෙන ගිහිල්ලා රේඩියෝ එකේ නිවේදිකාවක් කතා කරනකොට උන්ට කුලප්පු වැඩි වෙනවා. උන්ට සිංදුවට වඩා ලොකුයි නිවේදිකාවගේ වොයිස් එක මමනම් ඇක්සිලන්ට්උන ගමන් වෙලාවයි අහන්නේ මොන නිවේදිකාව අහගෙන ගිහිල්ලද කියලා

    මෙහෙම නේ රේඩියෝ එකේ කියන්නේ

    ඔන්න මම අවා මම ඔයත් එක්ක 10 ඉදන් 3 වෙනකන් ඉන්නවා

    මෙහෙම කියනකොට බලන්න අර්තය (ඔයත්')මෙහෙම කියනකොට උන් හිතනවා උන්ට කියනවා කියලා එතකොට කොහේ හරි ඇනගෙන හික්ස් :D

    ReplyDelete
  5. හුඟක් වෙලාවට සීට් එකක් දුන්නත් දෙන්නෙ කොල්ලෙක්. මැදි වියේ මනුස්සයෙක් ගෑනියෙක් දෙන්නෙ සීට් එකක් හරිම කලාතුරකින්. පුදුම ගැහනු තමා

    ReplyDelete
  6. අපෝ ඉතින් ඒ අතින් කොල්ලො හොදයි,මේ ගෑණු ඔහොම කියනවනම් ඉතින්,ඔය පුංචි අම්මාට ෂුවර් එකටම ළමයි නැති දුක ඇත්තේ,චමින්දලා නම් කොහොමත් ඔහොමනේ.

    ReplyDelete
  7. කාළකණ්නි.. මුන්ට නේ අම්මපා අර කොල්ලො රටක් හදලා දුන්නේ.. නොදොකින්..

    ReplyDelete
  8. ලෝකය වගේම මිනිස්සුන්ගෙ හදවතුත් වෙනස් වෙන්නෙ හොඳ පැත්තකට නෙවෙයි.

    ReplyDelete
  9. මේ කතාව දැක්කම බන්ධුල ගුණවර්ධන තමන්ගේ පන්තියේ දඩබ්බරකම් කරපු සිසුවෙකුට (උපුල් ශාන්ත සන්නස්ගලගේ ඩෙස් එකේම හිටපු යාලුවෙකුට ) කියපු කතාවක් තමයි ඔය ගැබිණියන්ට වෙන්කරපු සීට් එකේ ඉඳගෙන ඉන්න දෙන්නයි අර කරගන්න කියලා අපි කිවුවැයි කියපු ගැහැණියගේ ගැන කියන්න තියෙන්නේ.

    ඒ කතාව තමයි “උඹලා හදන්න උඹලගේ තාත්තලා වෙච්ච මහන්සිය පැදුරෙම ගියානම් ඔයිට වඩා හොඳයි.” කියන එක.

    ReplyDelete
  10. අඩේ... මෙහෙමත් මිනිස්සු. ඒත් මං කම්පනා කළා ඇයි අපිම අහුවෙන්නේ සීට් එක දෙන්න කියලා. බලාගෙන යනකොට අපි නුදුන්නොත් අර කස්ටිය හිටං යන්නෙපැයි! :O

    ReplyDelete
  11. "උඹ විතරක් නෙවෙයි උඹෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් උඹ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ"
    දවසේ කතාව :D

    ReplyDelete
  12. "උඹ විතරක් නෙවෙයි උඹෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් උඹ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ"
    දවසේ කතාව....ලොවෙත් නෑ... හික් හික් හික්

    ReplyDelete

බස් මගීන් ගේ කතා..