Sunday, March 14, 2010

නොයන බස්....

බස් කතා බස් ඇරලා දවසක් දෙකක් උනාට පටන් ගන්න ඔලුව කහ කහ හිටියෙ... මගේ බස් නොම්මර ගැන දැනීම බිංදුවයි.. ලොකු කමක් නිසා නෙවේ.. නොසැලකිල්ල නිසා..මහ දවාලෙත් අහගෙන අහගෙන තමයි ගමනක් බිමනක් යන්නෙ..


අද මං කෝට්ටෙ යන්න උවමනාවකට කොටුවෙන් බස් එකකට නගින්න ගියා.. 190 ක් අලුත් කඩේ පැත්තට හැරිලා තප්පුලමින් හිටියා.. පොල් පැලෙන අව්ව.. බස් එක ලොකු හදිස්සියකින් වාගෙ හිටිය නිසා මම දෙපයට වාරු ගත්තා.. මම දුවන ගමන් කට හදලා "ඇතුල්කොට්ටෙ" කියලා කිව්වෙ කොන්දොස්තරට ලිප් රීඩින් පහසු වෙන්න... කොන්දා ඔහුට අවේනික විදියට මට වෙල්කම් කලා..

ඒ අතරෙ මට සමාන්තරව ඇවිදින අංකල් කෙනෙක් "ඕකට නගින්න එපා.. ඔය බස් එක යන්නෙ නැහැ.." කියලා මාව නවත්තන්න පොරේ.. මට උපදෙස් ගන්න වෙලාවක් උනේ නැහැ.. මම 190 නැගලා මට ඕනෙ තැනට ගියා..


මේක පුංචි දෙයක්.. ඒත් අර අංකල් මාව නැවැත්තුවේ ඇයි? මට මේක ප්‍රශ්නයක්......

6 comments:

  1. mata oyage anit blog ekata comments danna beriyoooo...
    pls remove word verification eka

    ReplyDelete
  2. අනිත් බ්ලොග් එකේ කමෙන්ට් දාන්න බැහැ. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

    ReplyDelete
  3. eakanea reven...
    mokak hari avulak tiyenawa

    ReplyDelete
  4. අක්කගේ අනෙක් blog post එකට comment දාන්න බෑ..
    මොකක් හරි අවුලක්...
    ඒ හන්දා මගේ comment එක මං මෙතැන ලියල යනවා...

    අපූරුයි අක්කෙ...
    ඇත්තටම අක්කල හරිම ආදර්ශමත්...
    මගෙ හිතෙත් ඔය හීනෙම තියෙනව..
    කාටවත් අත නොපා සතයක්වත් ණය නොවී..
    ලස්සන ඒත් චාම් Wedding එකක් ගන්න..
    බොන්න නැතත් කන්න ඇති..
    විච්චූරණ නැති.. Simple Wedding එකක්...
    අක්කලගෙ කතාව කියෙව්වහම මගෙ ඒ හීනෙට නව පණක් ලැබුණා..
    ස්තූතියි ඔබට...

    ReplyDelete
  5. ඔයාගේ අනිත් බ්ලොග් එකේ ‍කමෙන්ට් දාන්න බෑ දෙපාරක්ම මට ඕක උනා. පොඩ්ඩක් හොයල බලන්න. එකයි මාත් මෙතනම දාල කියන්න හිතුවේ.

    ReplyDelete
  6. ඔයාලා සියළු දෙනාටම ස්තූතියි!!! මොකද්දෝ උදාසීන කමක් නිසා බස් එකට නැංගෙ කාලෙකින්.. අද තමයි ඔයාලගෙ කමෙන්ට්ස් දැක්කෙ... බොහෝමත්ම ස්තූතියි.

    ReplyDelete

බස් මගීන් ගේ කතා..