මේක අපූරු කතාවක් .. මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් ලංකාවෙ වෙයි කියලා..
අද මම කොල්ලුපිටියෙන් බස් එකට නැංගා.. ඔෆිස් ඇරෙන වෙලාවට ඉතිං බස් වල ආසවාදය කියන්න ඕනෙ නැහැනෙ.. ඔන්න මම හිටගෙන සීට් ඇඳි දෙකක අල්ල ගන්න තරම් දහිරිය උපදවා ගත්තා.. බම්බ කිට්ටු වෙද්දි මාස තුනක විතර දරු ගැබක් දරා ගත්ත අවුරුදු 25ක විතර ලස්සන දැරිවියක් බස් එකට නැංගා.. ටිකක් විතර වැස්සත් තිබුණා..
අර "ගැබිණි" සීට් එකේ මුමුණ මුමුණා හිටියා අවුරුදු 35 රේන්ජ් එකේ මහත්තුරු දෙන්නෙක්.. ඔයාලා දැකලා ඇති අර ආචාර පෙළපාලි වල හමුදා භට ඛණ්ඩ ජනාදිපති තුමා ළඟින් යද්දි එක පාරටම බෙල්ල කරකවලා එතුමා දිහාවට හැරෙන්නෙ..අන්න ඒ වගේ දෙන්නම එක සැරේ ජනෙල් වීදුරුව හරහා වැස්ස නරඹන්න පටන් ගත්තා.. මේක ඇය දැක්කා.. ඈට හිනාවක් ගියා...
ඒත් මට තේරුණා ඇය ටිකක් අපහසුවෙන් ඉන්න කෙනෙක් බව... ඒත් එක්කම සීට් දෙකක් විතර පස්සෙ කෙනෙක් බහින්න නැගිට්ටා.. ඒ සීට් එක ඈට අල්ල දෙන්න හිතාගෙන මං ටිකක් ඒ පැත්තට හැරුණා.. මං ළඟම හිටිය මැදි වියේ කාන්තාවක් මං ඉඳගන්නවා කියලා ඉස්සර උනා.. ඔය අතරෙ ඇය ගල්කිස්ස උසාවිය ළඟට ටිකට් ගත්තා..
කතාවේ වටිනම වාක්‍යය මට ඇහෙන්නෙ මේ අතරෙ.. මං ළඟ හිටියා කාන්තාවන් දෙදෙනෙක් වාඩි වෙලා.. අවුරුදු 30 ක සහ 40ක වගේ.. කතාවෙන් පෙනෙන්නෙ කුළුපග පුන්චි අම්ම කෙනෙක් එක්ක යන දුවෙක් වගේ.. පුන්චි අම්මා ඇගේ ඥාති දියණියට කණට කරලා කිව්වා "කර ගන්න කියලා අපි කිව්වයැ" කියල...
ඥාති දියණියගෙ උත්තරේ උනේ "අපෝ මමනම් බඳින්නෙ නැහැ" කියලා.. මට කියන්න හිතුනා "උඹ විතරක් නෙවෙයි උඹෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් උඹ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ කියලා"..
කොහොම හරි ගල්කිස්ස උසාවියට බස් හෝල්ට් එකක් කළින් අර ඥාති දියණිය කරුණාබර දෑසින් අර ගැබ්බර දැරිවි දිහා බලලා "ඔයා ප්‍රෙග්නන්ට් ද?" කියලා ඇහුවා.. නැගිට්ටා... සීට් එක දුන්නා..
"තෑන්ක් යූ.. මම උසාවිය ළඟ බහිනවා" ඇය කිව්වා..
"කමක් නැහැ ඉඳ ගන්න.. අපිත් ළඟ බහිනවා" ඥාති දියණිය නෙගෝෂියේට් කළා..
ඔවුන් තුන් දෙනාම බස් එකෙන් බැහැලා ගියා..
මට හිතෙනවා මම තාම බස් එකේ යනවද කියලා...
හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.................