බස් කතා බස් ඇරලා දවසක් දෙකක් උනාට පටන් ගන්න ඔලුව කහ කහ හිටියෙ... මගේ බස් නොම්මර ගැන දැනීම බිංදුවයි.. ලොකු කමක් නිසා නෙවේ.. නොසැලකිල්ල නිසා..මහ දවාලෙත් අහගෙන අහගෙන තමයි ගමනක් බිමනක් යන්නෙ..
අද මං කෝට්ටෙ යන්න උවමනාවකට කොටුවෙන් බස් එකකට නගින්න ගියා.. 190 ක් අලුත් කඩේ පැත්තට හැරිලා තප්පුලමින් හිටියා.. පොල් පැලෙන අව්ව.. බස් එක ලොකු හදිස්සියකින් වාගෙ හිටිය නිසා මම දෙපයට වාරු ගත්තා.. මම දුවන ගමන් කට හදලා "ඇතුල්කොට්ටෙ" කියලා කිව්වෙ කොන්දොස්තරට ලිප් රීඩින් පහසු වෙන්න... කොන්දා ඔහුට අවේනික විදියට මට වෙල්කම් කලා..
ඒ අතරෙ මට සමාන්තරව ඇවිදින අංකල් කෙනෙක් "ඕකට නගින්න එපා.. ඔය බස් එක යන්නෙ නැහැ.." කියලා මාව නවත්තන්න පොරේ.. මට උපදෙස් ගන්න වෙලාවක් උනේ නැහැ.. මම 190 නැගලා මට ඕනෙ තැනට ගියා..
මේක පුංචි දෙයක්.. ඒත් අර අංකල් මාව නැවැත්තුවේ ඇයි? මට මේක ප්රශ්නයක්......
711 - දිඹුලාගල මතක - 6 සමඟ සත්යා සහ කසුන් ගැන ....
-
අර දිඹුලාගල කේස් එක ගැන මම පෝස්ට් පහක් ලිව්වනෙ..තව පෝස්ට් දෙකක් ලියන්ට ඕනය
කිව්වට නොයෙක් නොයෙක් කාරණා හින්ද ඒ වැඩේ දිනෙන් දින අතපහු වෙලා
ගියා...ප්රධානම කා...
1 week ago